දැක්ම

"ඉහළ ගුණත්වයෙන් යුත් මහජන සේවයක් තුළින් විශිෂ්ටනම ප්‍රාදේශීය නියමුවා බවට පත්වීම"

මෙහෙවර

"ජාතික සංවර්ධනය උදෙසා, රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මනා සැලැස්මකින් යුතුව, සම්පත් හා ආයතන ඵලදායි ලෙස මෙහෙයවන්නා වූ සම්බන්ධීකරණයක් තූළින් ජනතා අවශ්‍යතා ඵලදායීව, සාධාරණව, යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම"

ප්‍රාදේශීය ලේකම්තුමාගේ පණිවුඩය

කොටපොල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය තම සේවාලාභීන් සඳහා , ග්‍රාම නිලධාරී වසම් 37 ක් හරහා මෙන්ම  ඍජු ලෙසම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නන්ද තෘප්තිමත් වන අයුරින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට ඇප කැප වී සිටියි.

මෙය සපුරාගනු වස් අපි,

  • සියළුම ක්‍රියාවලීන් අධික්ෂණය කරමින්, මැණීම කරමින් සහ නිරන්තර වැඩිදියුණු කරමින් තත්ත්ව කළමනාකරණ පද්ධතියේ කාර්ය සඵලතාවය ඉහළ නැංවීමටත්,
  • කාර්යක්ෂම හා කාර්ය සඵල බවින් යුතුව ඵලදායී ලෙස සේවාවන් සැපයිමටත්,
  • නෛතික සහ ව්‍යවස්ථාමය අවශ්‍යතා වලට අනුකූලව කටයුතු කිරිමටත්,
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමාජයීය වගකීමකින් යුතුව කළමනාකරණය කිරීම .

ඓතිහාසික පසුබිම

මොරවක් කෝරලේ බටහිර නමින් හැඳින්වු කොටසට අයත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඓතිහාසික අතින් වැදගත් තැනක් ගනී. කඳුවලින් ගහන ප්‍රදේශයක් වු මෙහි මුල්වාසීන් ජීවත්ව ඇත්තේ මෙම කොට්ඨාශය හරහා ගලා යන්නා වු ගිං ගඟ හා නිල්වලා ගඟ දෙපසය. මෙම ගංඟා නිම්න වල කෘෂිකාර්මික කටයුතු වල යෙදෙමින් ආදි වාසීන් ජීවත් වූ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත.

අධිරාජ්‍යවාදීන් විසින් මේ ප්‍රදේශයට තේ වගාව හඳුන්වා දීමෙන් පසු ඒවායේ කුළී වැඩ සඳහා දකුණු ඉන්දියානුවන් මෙහි ගෙන්වා පදිංචි කරවන ලදී. ඒ හා සමගම භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය කටයුතු අත්‍යවශ්‍ය වු බැවින් අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩි දියුණු කෙරිණ.

මේ ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රධාන ස්ථාන 2ක් ඇත. එනම් ගැටබරු රජමහා විහාරය හා දේවාලයත් කොළවෙනිගම රජමහා විහාරයත්ය. වලගම්බා රජු සොලීන් විසින් පරාජය කිරීමෙන් පසු ආරක්ෂාව සඳහා සැඟවී සිට ඇත්තේ මෙම ප්‍රදේශයේය. මෙම ප්‍රදේශයට කරන ලද ගරු කිරීමක් වශයෙන් මෙම ගැටබරු විහාරය හා දේවාලය වලගම්බා රජු විසින් ඉදි කරවන ලද බවට විශ්වාසයක් පවතී. එසේම රජ්ජුරු බණ්ඩාර දෙවියන් මෙහි ප්‍රධානියා ලෙස ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයක් ද පවති. ගැටබරු රජමහා විහාරයේ වාර්ෂිකව අලංකාර පෙරහැරක් පැවැත්වේ. එය වසරේ ජූලි-අගෝස්තු මාස වලදීය.

කොළවෙනිගම රජමහා විහාරය ද එවැනිම වැදගත් කමක් උසුලන ස්ථානයකි. ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂාව සඳහා බුවනෙකබ‍ාහු රජු විසින් වසර 5ක තිස්සේ සඟවා තබන ලද්දේ මෙම රජමහා විහාරයේය. ඊට සැලකිල්ලක් වශයෙන් මෙම රජමහා විහාරයට අක්කර 1798 ක් විශාල ගම්වරයක් රජු විසින් පුජා කර ඇත. අද දක්වාත් මෙම ගම්වරයේ ඉඩම් විහාරය විසින් පාලනය කරනු ලැබේ.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටීම          

දෙණියාය කේන්ද්‍ර කර ගත් පුංචි නුවරඑළිය යන නමින් විරුදාවලි ලැබු කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, ලෝක උරුම වැසි වනාන්තරයක් වන සිංහරාජ වන භූමියට යාබදව වර්ග කිලෝමීටර් 175.50 කින් යුක්ත සුන්දර පරිසරයක පිහිටා ඇත. මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 න් එකක් වන කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට  ද, දකුණින් මාතර දිස්ත්‍රික්කයට අයත් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද , නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා  බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද මායිම් වී තිබේ. කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 175.5 ක් වන අතර ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 37කි. එම ග්‍රාම නිලධාරී වසම් 37 තුල ගම්මාන 101ක් ඇත‍.

මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම හා අති සුන්දරම  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මෙය වන අතර දුෂ්කර බව නිසාම සුන්දරත්වය තවමත් රැකී පවතින අතර සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පිහිටීම.

මුහුදු මට්ටමේ සිට අඩි 425 උසකින් හා උතුරු අක්ෂාංශ 6.175 ක් නැගෙනහිර දේශාංශ80.326ක් අතර සුන්දර දියදාව රක්ෂිතයට මායිම්ව කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇති අතර 1940 දශකයේ මොරවක් කෝරළයේ කරවන නිලධාරී කාර්යාලය වශයෙන් ආරම්භ වි ඇත.ඉන් පසු 50 දශකය වන විට ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය ලෙසද, 1972 ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය ලෙස ද, 1992 වර්ෂයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසද සංවර්ධනය වෙමින් නිලධාරීන් ඉතා සුළු ප්‍රමානයකින් ආරම්භ කර මේ වන විට එකසිය පනහ ඉක්මවු නිලධාරි පිරිසක් සේවය කරන කාර්යාලයක් බවට පත්වී තිබේ.

මුලින් මොරවක් කෝරළය සඳහාම   පිහිටවූ මෙම කාර්යාලය 1960 දශකයේ දි රාජකාරී ප්‍රමාණය විශාල විම මත මොරවක් කෝරළය නැගෙනහිර මොරවක් කෝරළය හා බටහිර මොරවක් කෝරළය වශයෙන් දෙකකට බෙදී ඇත.

1956 වසරේ සිට කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කර ඇති ප්‍රධානීන්

අනු අංකය

නම

තනතුර

කාලය

01

ඩී .ජී අබේසිරි ගුනවර්ධන මහතා

ප්‍රාදේශය ආදායම් නිලධාරී

1956-1957

02

ආර්.සි.ඩබ් චන්ද්‍රකුලසූරිය මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1957-1958

03

අබේසේකර මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1958-1959

04

ජේ.සී පෙරේරා මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1959-1960

05

කේ.සි දිසානායක මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1960-1962

06

අයි.වික්‍රමසිංහ මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1962-1964

07

වී.සී කරුණානන්ද මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1964-1965

08

ලාල් ජයතුංග මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1965-1967

09

ආර්.එල් අර්සකුලසූරිය මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1967-1970

10

දිසානායක මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1970-1971

11

ඩී.ජී වෙත්තසිංහ මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1971-1972

12

ඩබ්.එෆ් ප්‍රනාන්දු මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1972-1973

13

ඩි.වික්‍රමාරච්චි මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1974-1975

14

ධර්මදාස හේවාගම මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1975-1976

15

එස්.කේ සමරසිංහ මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1977-1978

16

ඩබ්.එන්.පි.කේ ගමගේ මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1978-1984

17

එෆ් වීරසිංහ මහතා(වැඩ බලන)

ප්‍රාදේශීය උප දිසාපති

1984-1986

18

මහින්ද මානවඩු මහතා

ප්‍රාදේශීය උප දිසාපති

1986-1992

19

මහින්ද මානවඩු මහතා

ප්‍රාදේශීය ලේකම්

1992- 1992.08.18

20

චන්ද්‍රදාස ජාගොඩ මහතා

ප්‍රාදේශීය ලේකම්

1992.08.18-1994

21

ෆ්‍රැන්සිස් විදාන පතිරණ මහතා

ප්‍රාදේශීය ලේකම්

1994-1995

22

විමල් රූබසිංහ මහතා

ප්‍රාදේශීය ලේකම්

1995.02.01-1995.07.04

23

ඒ.ඩබ් සරත් මහතා

ප්‍රාදේශීය ලේකම්

1995.07.05-2000.02.03

24

ඩී.කේ.එස් අමරසිරි මහතා(වැඩ බලන)

ප්‍රාදේශීය ලේකම්

2000.02.04-2001.09

25

පි ඒ සිරිසේන මහතා

ප්‍රාදේශීය ලේකම්

2001.09-2002.10.28

26

ඩී.ඒ ඒකනායක මහතා

ප්‍රාදේශීය ලේකම්

2002.10.29-2010.12.28

27

ඕ.වීසී තිලකරත්න මහතා

ප්‍රාදේශීය ලේකම්

2010.12.29-2011.04.20

28

සේනක පල්ලියගුරුගේ මහතා

ප්‍රාදේශීය ලේකම්

2011.04.21-2012.09.18

29

සුවින්ද සිංගප්පුලි මහතා (වැඩ බලන)

ප්‍රාදේශීය ලේකම්

2012-09.19-2012.12.31

30

ඩී.ඩී.කේ වික්‍රමාරච්චි මහතා (වැඩ බලන)

ප්‍රාදේශීය ලේකම්

2013.01.06-2013.01.31

31

කෞශල්‍යා කුමාරි මිය (වැඩ බලන)

ප්‍රාදේශීය ලේකම්

2013.02.01-2013.02.10

32

ජී.අමරසිංහ මහතා

ප්‍රාදේශීය ලේකම්

2013.02.11-2021.11.20

33

ඩබ්.පී.එස්.අයි.පෙරේරා මිය

ප්‍රාදේශීය ලේකම්

2021.11.22-2024.12.31

34

කේ.ජී.ධම්මි අනෝජා මිය

ප්‍රාදේශීය ලේකම්

2025.01.01-2025.01.09

35

ඩී.කේ.ලන්දගේ මහතා

ප්‍රාදේශීය ලේකම්

2025.01.09 සිට මේ දක්වා

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

Scroll To Top