වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන.

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2648 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 370 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පහත පරිදි වේ.

  • ජීවනෝපාය සංවර්ධනය සඳහා           1,119,375.00
  • අලෙවි සංවර්ධන වැඩසටහන සඳහා   352,029.00
  • ආදර්ශ ගෙවතු වැඩසටහන සඳහා      300,100.00

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභීන් පවුල් 05ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 05ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ  මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.

මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 40ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

Scroll To Top